Knorr Sri Lanka Flavor Rewards

Knorr Logo (1)

තිරසර අනාගතයක් වෙනුවෙන්
ආහාර අපද්‍රව්‍ය ගැන යළි සිතාබලමු
ලෝක ආහාර දිනයේදී යළි සිහිකැඳවීමක්

මගේ නිවසේ ආහාර නාස්තිය අවම කිරීමටත්, දැනුවත් තේරීම් කිරීමටත්, වඩාත් තිරසාර අනාගතයකට දායක වීමටත් මම ප්‍රතිඥා දෙමි.

ලෝක ආහාර දිනයේදී ආහාර වෙනුවෙන් අපට ඇති අයිතිය සමරන අතරතුර තිරසර අනාගතයක් වෙනුවෙන් ආහාර සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳ ද සිහිපත් කරමු. මෙවර ලෝක ආහාර දින තේමාව වන්නේ, ‘යහපත් ජීවිතයකට යහපත් ආහාර’ යන්නයි. නමුත්, ශ්‍රී ලංකාව තුළ අපට පවතින සම්පත් බහුල වුවද, ආහාර නාස්තිය සම්බන්ධයෙන් භයානක ගැටළුවකට අප මුහුණ දී සිටියි.

ලංකාව තුළ දිනකට ආහාර ටොන් 3963 ක් අපතේ හරින බව ඔබ දන්නවාද ?. මෙය ගාලු ප්‍රදීපාගාරයේ බර මෙන් 13 ගුණයකටත් වඩා වැඩිය. මෙරට බොහෝ දෙනෙක් සිය දෛනික කෑම වේල සොයාගන්නට වෙහෙස වනවිට මෙම අපතේ යන ආහාර මගින් ගණනය කළ නොහැකි මට්ටමේ පවුල් ප්‍රමාණයක් පෝෂණය කළ හැකි බව ඔබ දැන සිටියාද ?. ප්‍රජාවක් ලෙස ආහාර අපතේ යෑමට තිත තැබීමට කාලය දැන් එළඹී ඇත.

ආහාර අපද්‍රව්‍ය වැදගත් වන්නේ ඇයි ?

ආහාර නාස්තිය යනු ආහාර ඉවත දැමීම පමණක් නොවේ. එය නිෂ්පාදනය කිරීමේදී, ප්‍රවාහනයේදී හා ආහාර සැකසීමේදී සිදුකරන සම්පත් නාස්ති කිරීමකි. බෝග වගා කිරීමට භාවිත කරන ජල‍යේ සිට, ආහාර ඇසුරුම් කිරීමට හා බෙදාහැරීමට වැය කරන ශක්තිය, ගොවීන් හා කම්කරුවන්ගේ කාලය හා ශ්‍රමය දක්වා වූ නාස්ති කරන සෑම ආහාර කැබැල්ලක්ම වෙනසක් කිරීමට අපතේ යන අවස්ථා පිළිබිඹු කරයි.

එපමණක් නොව, ආහාර අපද්‍රව්‍ය පරිසර විනාශයට ද හේතුවන්නේ දේශගුණික විපයර්යාසවලට හේතුවන ප්‍රබල හරිතාගාර වායුවක් වන මීතේන් ආහාර අපද්‍රව්‍ය ආශ්‍රිතව ජනනය වීම හේතුවෙනි. එබැවින්, ආහාර නාස්තිය හුදෙක් ආර්ථික් හෝ සදාචාරාත්මක ගැටලුවක් නොවන අතර එය පාරිසරික ගැටලුවක් ද වෙයි.

Knorr, අපි ආහාර නාස්තිය අවම කිරීමට හා මෙම ගෝලීය අභියෝග‍යේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමට කැපවී සිටිමු. ආහාර නාස්තිය අවම කිරීමෙහිලා ඔබට වෙනසක් සිදුකළ හැක්කේ කෙසේදැයි දැනගැනීමට දිගටම කියවන්න.

ඔබේ නිවසේදී ආහාර නාස්තිය අවම කිරීමට උපදෙස්

ඔබේ නිවසේදී ආහාර නාස්තිය අවම කිරීමට උපදෙස්

ආහාර නාස්තිය අවම කිරීම අපේම මුළුතැන්ගෙයින් පටන්ගනිමු. වඩා සුවදායී හෙටක් නිර්මාණය කිරීමේදී ඔබේ වගකීම ඉටුකරන්නට Knorr ප්‍රවීණ සූපවේදීන්ගෙන් ඔබට ලැබෙන සරළ ඉඟි හා උපක්‍රම කීපයක් මෙන්න :

  1. ඔබේ ආහාර වේල කල්තියාම සැලසුම් කරන්න : සම්පූර්ණ සති‍ය වෙනුවෙන් ආහාර සැලැස්මක් පිළියෙල කර ඒ අනුව අවශ්‍ය ද්‍රව්‍ය මිලදීගන්න.

 

  1. අමුද්‍රව්‍යවල සෑම කොටසක්ම භාවිත කරන්න : එළවළුවල පොතු, කැබලි, ඉතිරි වූ මස්කටු ආදිය රසැති සුප් හොද්දක් හෝ ස්ටොක් එකක් ලෙස පිළියෙල කළ හැකි බව ඔබ දන්නවාද ?. මෙවැනි කුඩා කැබලි ඉවත දැමීම වෙනුවට ආහාර පිළියෙල කිරීමේදී ඊට නව ජීවයක් ලබාදෙන්න !

 

  1. ආහාර නිසිලෙස ගබඩා කරන්න : ආහාර නුසුදුසු ලෙස ගබඩා කිරීම ආහාර නරක් වීමට ප්‍රධානතම හේතුවකි. පළතුරු හා එළවළු නිසි තැන් වල ගබඩා කරන්න. ඒවායේ නැවුම් බව වැඩි කිරීමට වාතය රහිත බහාලුම් (airtight containers) භාවිත කරන්න.

 

  1. ඉතිරි වූ ආහාර නිර්මාණශීලීව පිළියෙල කරන්න : ඉතිරි වූ ආහාර අපතේ නොදා නිර්මාණශීලීව නැවත පිළිගැන්වීමට හැකි සැමවිටම උත්සහ කරන්න. Knorr, අපි නිර්මාණශීලීත්වය ගැන දැඩිව විශ්වාස කරන්නෙමු. ඔබට අද පටන්ම පිළියෙල කිරීමට උත්සහ කළහැකි රසවත් ආහාර වට්ටෝරු ගැන බැලීම‍ට මෙතැතින් පිවිසෙන්න : https://rasai.lk/

 

  1. අතිරික්ත ආහාර පරිත්‍යාග කරන්න : රැකවරණ මධ්‍යස්ථානයකට, ආහාර බැංකුවකට හෝ ඔබේ අසල්වැසියන්ට / මිතුරන්ට ආහාර පරිත්‍යාග කිරීම ගැන සිතා බලන්න. ඔබ කරන කුඩා උපකාරයක් ඔවුන්ට දැවැන්ත උපකාරයක් වනු ඇත.

 

  1. FIFO ප්‍රගුණ කරන්න : ඔබ අසුරන ලද ආහාර භාවිත කරන විට මුලින් ගෙනා ද්‍රව්‍ය මුලින් භාවිත කරන්න. “First In, First Out” (“පළමුවෙන්, පළමු පිට”)  ක්‍රමය අනුගමනය කරන්න. කලින් ගෙනා ආහාර ද්‍රව්‍ය නව ඒවාට පෙර භාවිත කිරීම සහතික කිරීමට මෙම FIFO ක්‍රමය අනුගමනය කරයි.

 

  1. ඔබේ අපද්‍රව්‍ය නිරීක්ෂණය කරන්න : ඔබ ඉවතලන දෑ මොනවාද, එහි රටාව හඳුනාගන්න. ඒ අනුව ඔබේ බඩු ලැයිස්තුව පිළියෙල කරගන්න.

වඩා හොඳ අනාගතයක් වෙනුවෙන් වූ පළමු පියවර දැන් අරඹමු

ලෝක ආහාර දි‍නයේදී සෑම පුද්ගලයෙකුටම ආහාර සඳහා ඇති අයිතිය අපට සිහිපත් කර දෙයි. Knorr මෙම මෙහෙයුමේ කොටස්කරුවෙකු වීම ගැන අප ආඩම්බර වන අතර කිසිදු ආහාරයක් නිකරුණේ අපතේ නොයන හා සෑම කෙනෙකුටම ඔවුන්ට ලැබිය යුතු පෝෂණය වෙනුවෙන් වූ ප්‍රවේශයෙන් පිරිපුන් අනාගතයක් ගොඩනැගීමට අප හා අත්වැල් බැඳගන්නා ලෙස අපි ඔබට ආරාධනා කර සිටින්නෙමු.

අදම ක්‍රියාත්මක වන්න – අපේ ප්‍රතිඥාව අත්සන් කරන්න එක්වන්න. ශ්‍රී ලංකා‍ව මෙන්ම හෙට ලෝකය වෙනුවෙන් වඩා හොඳ, වඩා තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් එක්වෙමු.